ජනපති දළඳා මාළිගයට – මහනුවරට අලුත් නගර සැලැස්මක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා.

පසුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තා.

ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසන්නේ රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!