කුකුළු මස් මිල පහළට

උත්සව සමයෙන් පසු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 100කින් අඩු වී තිබෙනවා.

ඒ අනුව ෆ්රෙෂ් කුකුළු මස් කිලෝවක් රු..1260.00ක් වන අතර සම සහිත කුකුළු මස් කිලෝවක් රු..1190.00ක් දක්වා මිල අඩු කර තිබෙනවා.

එමෙන්ම වෙළදුන් පවසන්නේ ශීත කළ කුකුළු මස් කිලෝවක් රු..1150.00ක මිලට සහ කරි චිකන් කිලෝවක් රු. 990.00ක මිලට අලෙවි කරන බවයි.

මේ අතර හරක් මස් කිලෝවක් 2400.00ක් දක්වා ද, එළු මස් කිලෝවක් 3300.00 දක්වා ද, හබඩ් කිලෝවක් 1400ක් දක්වා ද මිල අඩු වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!