සබරගමු පළාතේ උපාධිධාරීන් 1036කට ගුරුපත්වීම්

සබරගමු පළාතේ ගුරු සේවයට අද (19) ගුරුවරුන් 1036කු බඳවා ගෙන තිබෙනවා.

ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

තරග විභාගය සඳහා උපාධිධාරීන් 7000 ක් පෙනී සිටි බවත් එයින් 1036 ⁣තොරා ගැනුණු බවත් සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කරනවා.

එම සියළු ගුරුවරුන් ගුරුවරියන් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු සහිත පාසල් සඳහා යොමු කළ බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!