සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීම ගැන දැනුම්දීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගයට ගැනුණු නඩුව අද (12) සමථයකට පත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව අදාළ නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.

ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියා.