”NMRA ප්‍රධාන විධායක ලේඛණ විනාශ කරනවා” ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන රැසක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති තුෂාර රණදේව මාධ්‍යට පැවසූවේ මෙම ලේඛන විනාශ කිරීමට NMRA ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විජිත් ගුණසේකර මැදිහත් වී ඇති බවයි.

පසුගිය පළවෙනිදා රාත්‍රියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා NMRA පරිශ්‍රයට ගොස් ඇති බවත්, ඔහු එහිදී ලිපිගොනු කිහිපයල් ඉවත්කර ඇතිබවත් තුෂාර රණදේව කියා සිටියේය. NMRA ප්‍රධාන විධායක නිලධාරියාට තනතුරෙන් ඉවත් වන ලෙස දන්වා ඇති නමුත් ඔහු ඉවත්වීම ප්‍රතික්ෂේප කර දිගින් දිගටම තනතුරේ සිටිනාබව වාර්තාවෙයි .

ප්‍රමිතියෙන් බාල ඖෂධ ගලා ඒම සම්බන්ධයෙන් NMRA හිටපු සභාපති සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරට චෝදනා එල්ලවී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *