පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ මහජන චීන සමූහාන්ඩුවේ තානාපති කියු ෂෙන්ග්ඩොන් මහත්වරු පසුගිය දා මුණ ගැසුණු අතර දෙරට අතර සහයෝගීතාවයේ ඉදිරි පැතිකඩ කෙරෙහි මෙහි දී අවධානය යොමු කර තිබේ.
පාත්ෆයින්ඩර් පදනම විසින් චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයක් 2015 වසරේ දී පෑලියගොඩ ස්ථාපිත කරන ලද අතර මෙම මධ්‍යස්ථානය දෙරට අතර බුද්ධි මණ්ඩප, ඉහළපෙලේ අධ්‍යයන ආයතන සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කරමින් සිටී. ආර්ථීක, සමාජ හා භූ දේශපාලනික කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ හා විද්වත් අදහස් හුවමාරු කරගැනීම අරමුණු කරගෙන මෙම සහයෝගීතා මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඉකුත් දස වසර තුළ දෙරට අතර ආර්ථීක හා සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම අනුගමනය කළප්‍රතිපත්ති හා සැලසුම් මෙහි දී සාකච්ඡා කෙරිණ.
පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ චීන තානාපති කාර්යාලයේ ෙජ්්‍යශ්ඨ නිලධාරී ජින් හෙන්සේ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.