IMF නිසා ශ්‍රී ලංකාව තුළ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF) ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති නිසා ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය රට තුළ පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සඳහන් කරනවා.

එසේම ශ්‍රී ලංකාව තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ගැටලුවක් නැති බව පීටර් බෘෘවර් මහතා පවසනවා.

ඔහු ජාත්‍යන්තර් මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීය වශයෙන් කටයුතු කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට IMF ගරු කරන බවයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීමට සිදුවන බවත් ඒ මහතා පවසනවා.

ඊට අමතරව වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

එම සැලසුම හෙට දිනයෙන් අවසන් වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ඒ අනුව 2025 දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහන වලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද (14) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!