හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කළ හැකි කරුණු කිසිවක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.
හිටපු අමාත්‍යවරයා විසින් අපේක්ෂිත ඇප අයදුම් කරමින් කොළඹ මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ ඉල්ලීම සලකා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට කැදවා තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඊ 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කෙරියාවේ රැකියා අවස්ථා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද හිටපු අමාත්‍යවරයාගේ නීතීඥ, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.