මාදම්පේ දරුණු අනතුරක් -25ක් රෝහලේ

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරින් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

තුවාල ලැබුවන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (04) පෙරවරුවේ කොළඹ සිට හලාවත බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!