සුරාසැල් දින දෙකකට වසයි

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා මත්පැන්හල් දින දෙකක් කාළයක් සඳහා වසා දැමීමට නියමිතයි.

ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බවවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසුවා.