සම්පන්දන්ගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී ධුරයේ කුගදාසන් දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමල ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්පන්දන් මහතාගේ අභාවයෙන් හිස්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.

එසේම අද (09) දිනයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!