කෙහෙළියගේ පෙත්සම කැඳවීමට නියෝග

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් එළඹෙන ජූලි මස 01 වනදා වැඩිදුර සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම පෙත්සම ගොනුකර තිබෙන්නේ.

එම පෙත්සම අද (27) සලකා බැලීමෙන් පසු එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කළා.*

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!