කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් කෝට්ටේ පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්රීවරු 9 දෙනෙකුට විරුද්ධව පැවරු අපහස නඩුවක් කැදවු අවස්ථාවේ හිටපු නාගරික මන්ත්රී ප්රභාත් තුෂාර මහතා විසින් උසාවියදී ජනක රණවක මහතාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් සමාව ඉල්ලා සිට තිබෙනවා.
ඒ අනුව ප්රභාත් තුෂාරගේ නඩුව අවසන් කර තිබුණා.
හොර ඔප්පු හදා සමූපකාර ඉඩමක් අයිති කර ගත් පවසා කෝට්ටේ පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්රී වරු කණ්ඩායමක් ජනක රණවක මහතාට විරුද්ධව නීති විරෝධි වත්කම් විමර්ෂන ඒකකයේ දමා ඇති පැමිනිල්ලක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.