ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙසටයි මෙය සැලකෙන්නේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් වන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!