අප වැනි රටවල 04 දෙනෙකුගෙන් 03කට ම මුඛ රෝග

ලෝක ජනගහනයෙන් බිලියන 3.5කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත (Dental Micromotor) උපකරණ ලබාදීමේ අවස්ථාවට අද (14) එක්වෙමිනුයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කරුණූ පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ, කුඩා ළමුන්ගෙන් සිට ම මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා කටයුතු ආරම්භ කළ යුතු බවයි.

පාසල් දන්ත චිකිත්සක සේවාවට ශ්‍රී ලංකාව තුළ වසර 60ක් පමණ වන බවත්, දන්ත චිකිත්සක නිලධාරින් තව තවත් පුහුණූ කිරිම ද ඉතා වැදගත් කාරණයක් වන බවත් පැවසූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මුඛ රෝග සහ ශරීර සෞඛ්‍ය අතර නිරන්තර බැඳීමක් ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!