IMF 3වැනි ණය වාරිකය අනුමත කිරීම අද රෑට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩලය අද (12) රැස්වී තීරණය කිරීමට නියමිතයි.

ඒ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 335ක ණය මුදලක් අනුමත කිරීමට නියමිත තිබෙනවා.

අද (12) කොළඹදී මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාක්ච්ඡාවකදී සහකාර මහබැංකු අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා මේ පිළිබඳව අදහස් දැක්වූවා.

රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් 2023 වසරේ මාර්තු මාසදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් අනුමත කළ බවත් ඒ මහතා සඳහන් කළා.

මෙය අවුරුදු 04කින් මාස 48ක ණය පහසුකම් මාස 06න් 06ට අලුත්වෙන ණය පසුකමක් බවත් ඔහු පෙන්වා දෙනවා .

එසේම එසේම සය මසකට වතාවක් සමාලෝචනය වන බවත් ,අදාළ ණය පහසුකම ලබාදී ඇත්තේ අයවැය සඳහා සහායක් වශයෙන් බවත් සහකාර මහබැංකු අධිපතිවරයා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සහකාර අධිපතිවරයා පවසන්නේ ,

”දැන් වෙනකොට ඩොලර් මිලියන 670ක් මේ ණය පහසුකමින් ලැබිලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රීය වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා මේ ණය පහසුකමේ 03වෙනි වාරිකය අපිට ලැබෙයි කියලා. මොකද අද මධ්‍යම රාත්‍රීයේ අමෙරිකාවේ වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලංකාවේ ණය පහසුකමේ දෙවැනි සමාලෝචනය අවසන් කරන්නේ. අපි හිතනවා සියලු රටවල්වල සහයෝගයෙන් ඒ සමාලෝචනය අවසන් කරන්න ලැබෙයි කියලා. ඒත් එක්ක තවත් ඩොලර් මිලියන 335ක පමණ අපිට ලැබෙන්න ඕනේ. ඒත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනට මෙම ණය පහසුකම යටතේ ලබාදුන් මුදල ඩොලර් බිලියනටය වඩා මඳක් වැඩියි.” යනුවෙනි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!