ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
IMF යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය 3 වන දිනටත් අද පෙරවරුවේ ආරම්භ විය.
නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම, ඡන්ද විමසීමේදී සිය මන්ත්‍රිවරුන් එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ද පවසා තිබේ.