පුද්ගලයෙක් එලොව යැවූ කොලොන්නේ වෙඩි තැබීම සිදුවුණ හැටි

කොලොන්න පොලිස් වසමේ පදිංචි තේ වතු හිමිකරුට එල්ල කළ වෙඩි ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි

එම වෙඩි ප්‍රහාරයට ලක්වුණු 61 වන වියේ පසුවන පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව සඳහන් වනවා.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිටිය දී වෙඩික්කරුවන් පැමිණ බිරිඳගෙන් මියගිය පුද්ගලයා නිවසේ සිටිනවාදැයි විමසා තිබෙනවා.

පසුව එම පුද්ගලයා නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!