දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි.
විශ්ව විද්‍යාලය වසා දැමීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය පිරිසක් අනෙක් ශිෂ්‍යන්ට පහර දීමේ වැඩපිළිවෙලක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ විශ්ව විද්‍යාලය තුළ සිටින ශිෂ්‍යන්ට පහරදී පිටස්තර බලය අල්ලාගැනීමට.
මීට පෙර ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වාර්තා වුණේ පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය ව්‍යාපාරය පීඩනයට ලක් කිරීම වුවත් මාක්ස්වාදී යැයි කියාගන්නා සිසුන් විසින්ම මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් පීඩනයට ලක්කරමින් සිටින බවයි වාර්තා වන්නේ