ගුරු විදුහල්පති සංගම් හෙට ගැන අද ගත් තීරණය මෙන්න

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී ගුරු විදුහල්පති උද්ඝෝෂණයට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) එම සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

අසනීප නිවාඩු වාර්තාකරමින් ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව විසින් අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළා.

එම විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි නියෝගයක්ද නිකුත් කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!