විවාහක රූ රැජින කිරුළ අධිකරණ සමථයක් අනුව පුෂ්පිකා ද සිල්වාට

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ අධිකරණ සමථයක් අනුව නැවතත් පුෂ්පිකා ද සිල්වාට හිමි වූ බව එම තරගයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගල්කිස්ස දිස්ත්‍රික් අධිකරණයේ පැවති නඩු විභාගයකදී එළඹුණු සමථයකට අනුව මාධ්‍ය හමුවක් පවත්වා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බව ත් ඒ අනුව අද එය මෙසේ ප්‍රකාශයට පත් කළ බව ත් චන්දිමාල් ජයසිංහ සඳහන් කළේ ය.

2021 අප්‍රේල් 4 වන දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති තරගාවලියේ අවසන් වැඩසටහනේදී වේදිකාව මතට නැගි 2019 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලයින් ජූරි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුෂ්පිකාගේ කිරුළ ප්‍රසිද්ධියේ ගැලවූයේ දික්කසාද වූ තැනැත්තියක් නිසා කිරුළ දැරීමට නොසුදුසු බව කියමිනි.

කෙසේ වෙතත් පසුව ඇය දික්කසාද වී නැති බව තහවුරු වී තිබිණි.