සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලංකාවේ ගෙවන ජීවිතය

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ (Ronaldo Nazario) යාල ඇතුළු ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානවල සංචාරය කරමින් සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඔහු ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ගුවන් යානයේ සිට ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළ කර තිබුණි.

ලංකාවට පැමිණි ඔහු යාල සංචාරය කරන ඡායාරූප නිලුක සෆාරි (Niluka Safari) නම් සෆාරි ජීප් රථ සේවා සපයන ආයතනයක් තමන්ගේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

1994 වසරේදී ලාබාලතම ක්‍රීඩකයා ලෙස ෆිෆා ලෝක කුසලාන තරගාවලියට බ්‍රසීලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ රොනාල්ඩෝ 2002 වසරේදී බ්‍රසීලය නියෝජනය කරමින් ලෝක කුසලානයට සහභාගී විය. ඒ වසරේදී බ්‍රසීලය ෆිෆා ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර අවසන් තරගයේදී රොනාල්ඩෝ ගෝල දෙකක් වාර්තා කළේය.

ලෝක කුසලානවලදී ගෝල 15ක් වාර්තා කළ ක්‍රීඩකයෙක් ලෙස ඔහු ඉතිහාසයට එක්ව සිටින්නේය.