එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව මේ වන විට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා 77%ක් බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවයි.
එසේම හෙට සහ අනිද්දා යන දින දෙක තුළදී නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් ඒ මහතා පවසනවා.
සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත් ලබන 18 වැනිදායින් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව මැතිවරණ දිනය දක්වා පවතින බවයි ඒ වැඩිදුරටත් සඳහන් කළේ.