ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අදාළ ලිපිගොනු සියල්ලම ලහි ලහියේම යළි විමර්ශනවලට භාජනය කරන බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙම අපරාධ අතර බොරැල්ල කනත්තේදී අභිරහස් ලෙස මරුමුවට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳව පැවැත්වූ පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වන බව ඔහු කීවේය. මෙම ලිපිගොනු පිළිබඳව විමර්ශන කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත. මෙම අපරාධය පිළිබඳව ළඟදීම වරින් වර සුලමුල අනාවරණය විය හැකි බව පොලිසිය කියයි.