හතළිස් වසරක හමුදා සේවා කාලයකට සමුදෙමින් රාජ්‍ය බුද්ධි ප්‍රධානි (CNI) මේජර් ජෙනරාල් රුවන් කුලතුංග එම ධූරයෙන් ඉවත්ව ඇත.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා යටතේ මෙරට සියලුම බුද්ධි අංශ ක්‍රියාත්මක විය . 2019 වසරේ සිට රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුර හොබවමින් මෙරට බුද්ධි අංශ ඉහළට නංවා තබන්නට ජේෂ්ඨතම බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතුු කළ ඔහු ජාතික ආරක්ෂාව වෙනුවෙන් දෙස් විදෙස් බුද්ධි අංශ එකතු කරගනිමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
1984 මාර්තු 5 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ ඔහු 1985 නොවැම්බර් 16 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස පාබල රෙජිමේන්තුව තෝරා ගත්තේය. එතැන් පටන් 2009 මැයි මස අවසන් මානුෂිය මෙහෙයුමේ තීරණාත්මක ජයග්‍රහණය දක්වා එල්ටීටීඊයට එරෙහිව සිදුකළ සියලුම මෙහෙයුම් සඳහා ඔහු දායක වී ඇත.යුද බිමේ දැක්වූ නිර්භීත ක්‍රියාවන් හේතුවෙන් රණශූර පදක්කම ද ඔහු ලබාගෙන ඇත.2019 ජුලි පස්වනදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත් ඔහු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මෙම සතියේ ධූරයෙන් ඉවත්ව යනතුරු කටයුතු කළේය.ඔහුගෙන් පුරප්පාඩු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය පත් කර තිබේ.