DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කරයි

DFCCබැංකුව සිය ගංගොඩවිලශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි.
ඒ අනුව DFCCබැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. 

වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති නව ගංගොඩවිල ශාඛාව, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය නවීන ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඇතුළු සියලුම පහසුකම්වලින් සමන්විතය. ATM යන්ත්‍රයක් සහ  ඉලෙක්ට්‍රොනික චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍රයක්ද සහිත මෙම ශාඛාව තුළ, DFCC බැංකුවේ ප්‍රමුඛතම ගනුදෙනුකරුවන් වන Pinnacle සාමාජිකයන් වෙනුවෙන් වෙනම සේවා ස්ථානයක් වෙන් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති සහ ශාඛා බැංකුකරණ හා බෙදාහැරීම් ප්‍රධානී දුමින්ද සිල්වා මහතා පැවසුවේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම ඉලක්ක කරගත් තම මූලික ක්‍රමෝපායට සමගාමීව මේ ආකාරයට ගංගොඩවිල ශාඛාව වැඩි පහසුකම් සහිත ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි. වඩාත් කාර්යක්ෂම ලෙස ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන අතරම, DFCC බැංකුවට අනන්‍ය වූ සුහදශීලී එලෙසින්ම පවත්වා ගැනීම තම අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

ඉදිරියේදී තම ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරන අතරම වැඩි වැඩියෙන් ඩිජිටල් බැංකුකරණ විසඳුම් හඳුන්වා දෙමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලී ලෙස මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම DFCC බැංකුවේ ඉලක්කය වී තිවේ. 

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අලුතින් විවෘත කරන ලද ගංගොඩවිල ශාඛාව වෙත පැමිණෙන මෙන් DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට ආරධනා කර සිටී. බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 235 0000 ඇමතීමෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගත හැක. 

DFCC බැංකුව පිළිබඳව  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන DFCC බැංකුව 1955 වසරේදී ස්ථාපිත කරන ලද අතර,  1956 වසරේ සිටම එය කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන එය Fitch Ratings වෙතින් A (lka) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ. DFCC බැංකුව විසින් පාරිභෝගික, ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ බැංකු සේවාවන් මෙන්ම භාණ්ඩාගාර, ආයෝජන සහ වෙළඳ මූල්‍ය සේවා ඇතුළු සේවාවන් රාශියක් පිරිනමනු ලබයි.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය හා තිරසාරත්වය උදෙසා මුල් තැන දෙන DFCC බැංකුව DFCC MySpace වැනි ඩිජිටල් සේවාවන් ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස සිය සේවාවන් පිරිනමන අතර, දිවයින පුරා ශාඛා 139 ක්ද පිහිටුවා ඇත. මීට අමතර එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට LankaPay ජාලය හරහා ATM යන්ත්‍ර 5,500 කට අධික සංඛ්‍යාවක් භාවිතා කළ හැකි වේ.

තිරසාර මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ පිළිගත් ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, පාරිසරික බලපෑම් අවම කරමින් ආර්ථිකයේ දීර්ඝකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කැප වී සිටී.