රේගු නිලධාරීන් අද සහ හෙට වර්ජනයක

තමන්ගේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දින දෙක තුළදී අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමටත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සං‍ශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

අවස්ථා කිහිපයකදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළත් ඒ සඳහා මේ වන තෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රේගු නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියා.

තමන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවයිතාරක කුමාරසිංහ මහතා පවසන්නේ.

කෙසේවෙතත් මේ මොහොතේ වර්ජනවල නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!