රේගු නිලධාරීන් අකුරට වැඩ

රේගු නිලධාරීන් අද (19) උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

රේගු නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියේ මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවිය නොහැකි බවයි.

රේගුවේ නිලධාරීන්ට වැටලිම්වලදී ත්‍යාග මුදල් ලබාදෙන අරමුදල අමාත්‍යංශයට පවරා ගැනීම නිසා පසුගිය සිකුරාදා සිට වර්ජන ක්‍රියාමාර්ග අරඹා තිබුණා.