ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම හා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් වින්දිතයින්ට බලපෑම් කිරීම යටතේ සැකකාරියන් දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙනරාල් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලිසියට ඊයේ(05) නියෝග කළේය.
තලවතුගොඩ පදිංචි ෆාතිමා නුස්රා ඉර්ෂාඩ් සහ ඇයගේ මව වන නවුසියා නොසම් නැමැති සැකකාරියන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් පොලිසියට නියම කළේය.
මෙම සිද්ධියට අදාල බොරැල්ල පොලිසියේ කොස්තාපල් (36052) හේමකුමාර විසින් අධිකරණය හමුවේ දැක්වු කරුණු සලකා බැලිමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
සිය අට හැවිරිදි දරුවාගේ නිරුවත් ජායාරූප සමාජ මාධ්‍යජාලා වෙත මුදාහැර ඇති බව සදහන් කරමින් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් බොරැල්ල පොලිසිය වෙත මීට ඉහතදී පැමිණිල්ලක් කර තිබිණි.
එම පැමිණිල්ලට අදාලව සැකකාරිය වන ෆාතිමා නුස්රා නැමැත්තිය අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.එලෙස ඇප මත නිදහස්ව සැකකාරිය සිය මව සමග එක්ව මාධ්‍ය සාකච්ජා පවත්වා ඇතැයි බොරැල්ල පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් දක්වා සිටියේය.
එහිදි අදාල සැකකාරිනියන් අංක බී.31571/02/25 දරණ නඩුවේ පැමිණිලිකාරිනිය අපහසුතාවයට පත්වන අයුරින් සහ පොලිසිය ,අධිකරණය ,වින්දිතයින් සහ සැකකරුවන් ට බලපෑම් වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.