වේදිකාවට නැග්ගත් අර්ජුන සජබයට ගියේ නැතිලු

තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ ඉකුත් බදාදා (1) එනම් කම්කරු දිනයදා තලවකැලේ ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු මැයි දින රැළියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගී වී සිටීම හේතුවෙන්.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී වූ බවත් සමගි ජන බලවේගයට එක්වීමක් නොවූ බවත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!