අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය නගරයේ අද (08) පෙරවරු දහයට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගියා.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වනවා.

අදාළ වෙඩිතැබීම සිදුව ඇත්තේ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දීයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් පවසනවා.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!