නිවාස 8ක් යට කළ ඇහැළියගොඩ නායයෑම

ඇහැළියගොඩ – ගැටහැත්ත, උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් ඇතිවූ නායයෑමකින් නිවාස 08 ක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා.

ඊයේ දිනයේ සිට එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

අදාළ නායයෑම සිදුවන අවස්ථාවේ නිවෙස් කිහිපයක පුද්ගලයින් කිහිපදෙනෙක් සිට ඇති අතර ඔවුන් එහිදී ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ නායයෑම් සිදුවිය හැකි බවට මීට පෙර නිවෙස්හිමියන් වෙත දැනුම් දී තිබූ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!