රුසියානු – යුක්රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා මෙරටින් රුසියාව බලා පිටත්ව ගිය දූත පිරිසේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එසේම යුද්ධයට එක්වූ පිරිසෙන් 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (29) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමටයි.
එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
අදාළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අද අලුයම දිවයිනට පැමිණ තිබුණා.