සුබ ආරංචිය ගැන ආණ්ඩුවෙන් හෙළිදරව්වක්

‘ආරංචිය සුබයි’ යන තේමාව මුල් කරගනිමින් අද (26) බම්බලපිටිය ලෝරිස් පටුමග කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහභාගි වී සිටීම දැකගත හැකිවුණා.

සුභ ආරංචියක් පැමිණෙන විට අසුභ ආරංචි පැවසූ පුද්ගලයින්ට අසුභ බවත් සුභ ආරංචියක් පැමිණෙන බව පැවසූ විට සමහරක් දෙනාට ඒ ආරංචි අසුභ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ ,

භූමිතෙල් ගහපු අය වගේ හිතෑව දුවනවා වගේ සමහරුන්ට දැනෙනවා.රට තුළ කුහක දේශපාලන කණ්ඩායමක් බව පේනවා.රටට සුභ ආරංචියක් එනවා කිව්වා ..මේකට කලබල වෙන අය රටට ආදරේ නෑ..රටේ මිනිස්සුන්ට සුබ වෙනවයි කියලා තමයි සුභ ආරංචිය ගැන කිව්වේ.රටට සුබ වෙනකොට අකමැති අය කවුද.රටට අසුභවාදීව පතන කවුද කියන එක පැහැදිලි ඉරක් ගහගන්න පුළුවන්.කොරියාව මේ වගේ තත්ත්වයට මුහුණ දුන්නාම එකට එකතුවෙලා ශක්තිමත් වුණා.
ක්ෂේත්‍ර ගණනාවක වර්ජන ඇති කරලා උත්සාහ කරන්නේ සුභම පණිවිඩය සුභ ආරංචියක් එනකොට රටා කඩා වට්ටන්න.
” යනුවෙනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇති බව සඳහන් කළා.

එසේම පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට උදව් කරන ලද්දේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බවත් මේ වන විට රටේ බහුතර ජනතාවක් පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇති බවත් ඔහු පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!