පිළිකා රෝගයේ භයානක පැතිකඩක් ගැන හෙළිදරව්වක්

ලොව ජීවත්වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 2030 වසර වන විට දෙකෝටි විසි ලක්ෂය දක්වා ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා පිළිකා සංගමය අනතුරු අඟවනවා.

ඒ පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් ඊයේ (18) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර පිරිමි පුද්ගලයින් අතර බහුලව පිළිකා රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බවත් ,එසේම බුලත් විට මගින් ඇතිවන මුඛ පිළිකා ප්‍රමාණය වඩාත් ඉහළ බවත් ශ්‍රී ලංකා පිළිකා සංගමය සඳහන් කරනවා.

මත්පැන් හා අනෙකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි බව එම සංගමය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පිළිකා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!