අද සිට යුක්තිය මෙහෙයුමට නව මුහුණුවරක්

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කරන බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!