නාමල් හා සුමන්දිරන් අතර සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගීවී සිටි බවයි පැවසෙන්නේ.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!