ඇසළ පෙරහර වීදි සංචාරය කරන මාර්ග ගැන තීරණයක්

පෙර වසරවලදී මෙන් මේ වසරේ මහනුවර ඇසළ පෙරහර වීථි සංචාරය කරන මාර්ගවල පදික වේදිකාවන් තුළ මුදලට පුටු දමා විකිණීමට ඉඩක් නොමැති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.

ඉකුත් වසරවල පදික වේදිකාවේ පුටු දමා විකිණීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවට තොරතුරු අනාවරණය වූ බැවින්, මෙවර මහනුවර ක්වීන්ස් හෝටලයේ කොරිඩෝවේ පමණක් පුටු විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සඳහන් කළා.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ පෙරහර ගමන් ගන්නා සියලුම මාර්ගවල පදික වේදිකාවන් මහජනතාව වෙනුවෙන් විවෘත බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද (27) මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ බහු කාර්යය ගොඩනැඟිල්ලේ පැවැති පෙරහර සංවිධාන කමිටු රැස්වීමේදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!