විනිසුරුවන් පත්කිරීම ගැන අධිකරණයෙන් තීන්දුවක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමිපාණන්වහන්සේ සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙක අද (27) සලකා බැලීමෙන් පසුවයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජුලි මස 25 වනදා විභාගයට ගැනීමටද අධිකරණය නියම කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!