අනධ්‍යයන සේවකයින් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාරේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය කටයුතු සිදුකෙරෙනවා.

සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!