ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙ න්පසුගිය සතිය තුළ පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.
තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇති බැවින් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් කටයුතු නවතා ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, ආධාර නොමැතිව මියගිය ද සිය සංවිධානය විසින් ගත් තීරණය වෙනස් නොකරන බව තලෙබාන් සංවිධානය සඳහන් කර ඇත.