ඊයේ(24) ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්
පාස්කු ප්‍රහාරය හා කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩාළ වූ සංචාරක ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර ශේස්ත්‍ර සඳහා ලබා දී ඇති ණය ගෙවීමේ සහන වැඩපිළිවෙළ තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව බලාපොරොත්තු නොවන්නැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරේ බිඳ වැටී යළි ගොඩනගමින් පවතින ආර්ථිකයක් තුළ මෙවැනි ණය සහන ලබාදීම කළ නොහැකි බව මෙරට ව්‍යාපාර ප්‍රජාව තේරුම් ගත යුතු බවයි