රුපියල් 45,000 කට වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් ආදායම් බද්දක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන් නමුත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ඉපැයීම් සීමාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
ආදායම් බදු අය කර ගැනීම තව දුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත නොහැකි වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවහොත් අපේක්ෂිත මූල්‍ය පහසුකම් නොලැබී යනු ඇති බවත් අවශ්හාරණය කළේය.
”අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරිවුනොත් රට පවත්වාගෙන යාමට බැරි වෙනවා.ඒ වගේ තත්ත්වයක් උඩ අපේ රට සති දෙකකට වඩා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියනවාන කියන්න. අපි ඒ එකකට කන්දෙන්න සූදානම්. ” ඇමතිවරයා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය