ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් අමුතුම ආකාරයේ ATM සොරකමක් වාර්තා වෙයි. ඒ එම බැංකුවට අයත් ATM යන්ත්රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් තිබීමයි
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්රය ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි
ඊයේ (24) රාත්රි 12.40ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ වන විට එම කණ්ඩායම පැවැති වෑන් රිය සොයාගෙන ඇති බව වාර්තාවේ . එම වෑන් රිය ඔවුන් කුළී පදනම මත ලබාගත් එකක් බව පොලිසිය පවසයි