උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ඉකුත් 23 වනදා මානව හිමිකම් කොමිසම ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරිම පිළිබඳ අද විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇත . තම නියෝගය ක්‍රියාත්මක නොකිරිමට හේතු දැක්වීමට අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණෙන ලෙස එම නිළධාරින් දෙදෙනාට මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.