ජසින්ඩා ආර්ඩ්න් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය සඳහා ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දුන් බව විදෙස් පුවත් පවසයි.
44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දුන් බව එම මාධ්‍යවාර්තා කරයි. නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා වන ක්‍රිස් හිප්කින්ස්, කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ.