පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවෙවේ පුරපති ධූරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම් ෆවුසී පත් කර තිබේ.
කොළඹ මහනගර සභවේ මාළිගාවත්ත කොට්ටාශයට තරග කරමින් 1959 දෙශපාලනයට පිවිසි ඔහු 1973 දී කොළඹ නගරාධිපති ධූරය හෙබවූයේය. 1994 බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග රජයේ සෞඛ්‍ය, ප්‍රවාහන ඇතුළු ඇමති ධුර කිහිපයක් හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ටතම දේශපාලනඥයෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කරමින් අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී ඇත.