පුද්ගලයන් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ වෙරළබඩ නගරයේ ස්ථාන දෙකක තවත් වෙඩි තැබීම් දෙකක් සිදුව තිබේ.සිද්ධියෙන් මියගිය සිව්දෙනෙකු ගොවිපොළ සේවකයින් වන අතර සෙසු තිදෙනා වාහන අලෙවි කරන ස්ථානයක සේවය කළ පුද්ගලයින්ය.වෙඩික්කරු අත්අංගුවට ගැණුනත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර පසුගිය දා ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ උද්‍යානය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමෙන් සිදු වූ පුද්ගල මරණ ගණන 11ක් වන අතර මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ මෑත ඉතිහාසයේ කැලිෆෝනියාවෙන් වාර්තා වූ දරුණුතම වෙඩි තැබීමක් ලෙසටය.