ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරනු ලබන ණය වැඩසටහනකට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය සහනයක් ලබාදෙමින් ඉන්දියාව සිය කැපවීම තහවුරු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා දිවයිනේ සංචාරයක නිරතවන අතරතුර මේ බව ඉන්දියාව නිවේදනය කර ඇති අතර එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දක්වන බවද ඉන්දියාව ප්‍රකාශ කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසීය.

IMF ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි ණය සහතික ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සෙසු ණය හිමියන් සමගද සාකච්ඡා කරමින් සිටින බවය.

එලෙස ප්‍රමාණවත් සහතික ලැබුණු වහාම සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සපුර‍ාලිය යුතු අනෙකුත් අවශ්‍යතාවයන් සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකළ හැකි බව IMF නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *