විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරන ලද බව වාර්තාවේ.

සිර දඬුවමට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කරන ලද අතර එම දඩ මුදල නොගෙවන්නේනම් අමතරව තවත් මාස හයක සිර දඬුවම්ද නියම කර ඇති බවයි සඳහන් වෙයි.

විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න 2020 ජනවාරි 19 වැනි දින යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අධිකාරණයට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බව පවසමින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

මීට පෙර තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා එල්ලවී තිබුනි

නීතීඥවරයෙකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව ද දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *